Translate

සහෝදර සහෝදරියන් ගණන මැජික් එකකින් කියමු



  ඉතින් යාලුවනේ අද මම කියන්න යන්නේ අමුතු දෙයක් ගැන .යම් පුද්ගලයෙකුට ඉන්න සහෝදර සහෝදරියන් ගණන මේ ක්‍රමයෙන් කියන්න පුළුවන්.  උත්සහ කරලා බලන්නකෝ. යාලුවෙකුට පහත පියවර ටික කරන්න කියන්න. එතකොට අපිට එයාගේ සහෝදර සහෝදරියන් ගණන කියන්න පුළුවන්.

පියවර 1 
සහෝදරයන් ගණනට 2 ක් එකතු කරන්න.

පියවර 2
පිළිතුර 2 න්  ගුණකර ඊට 1 ක් එකතු කරන්න 


පියවර 3 
පිළිතුර 5  න් ගුණකර ඊට සහෝදරියන් ගණන එකතු කරන්න 

පියවර 4
පිළිතුරෙන් 25ක් අඩු කරන්න 

පියවර 5 
අවසන් පිළිතුරේ එකස්තානයෙන්  සහෝදරියන් ගණනත්, දසස්ථානයෙන් සහෝදරයන් ගණනත් ලැබේ.

හැබැයි  මේක හරි යන්නේ උපරිම සහෝදරියන් 9 කට විතරයි කියලත් මතක තියා ගන්න . නැත්තම් පටි රෝල් කර ගන්න වෙයි.

අපි ඉතින් කෝකටත් උදාහරණයක් බලමුකෝ ..........................

අපි හිතමු සහෝදරයන් 5කුයි සහෝදරියන් 3කුයි ඉන්නවා කියලා ..........

පියවර 1 
5 + 2 = 7 

පියවර 2 
7 * 2 = 14 ............ 14 + 1 = 15 

පියවර 3 
15 * 5 = 75  ......... 75 + 3 = 78  

පියවර 4 
78 - 25 = 53  

පියවර 5  
53 නේ  දසස්ථානය 5  ......................... සහෝදරයන් ගණන 
53 නේ එකස්තානය 3 .........................සහෝදරියන් ගණන   

 එහනම් , ජය වේවා ,........

2 comments:

  1. ela ela ... මැජික් බලන්න මෙතනට එන්න http://magictricksforsl.blogspot.com

    ReplyDelete