Translate

ඉලක්කම් ප්‍රයෝගය

                                                                                                                                                                                               


       මේ වගේ ආස හිතෙන ගොඩක් දේවල් ගණිතය හදාරන්කොට අපිට හම්බවෙනවා . හැබැයි මේක
ප්‍රයෝගයක්ම් කියලා කියන්න අමාරුයි.
යාලුවෙකුට සංකයාවක් හිතන්න කියලා පොඩි ගානක් හදවලා ඒ හිතපු සංකයාව කියන ක්‍රමයක් මේක. පහත පියවර බලන්නකෝ .


පියවර 1
යාලුවෙකුට සංකයාවක් හිතලා ඒක 3න් ගුණ කරන්න කියන්න



පියවර 2
ආපු උත්තරයට  2ක් එකතු කරලා ආයෙත් 3න් ගුණ කරන්න කියන්න.

පියවර 3
 කලින් හිතපු සංකයාවට 2ක් එකතු කරලා පියවර 2 න් ආපු උත්තරය එකතු කරන්න කියන්න.

පියවර 4
දැන් ලැබෙන පිළිතුරේ එකස්ථානය අයින් කලාම කලින් හිතපු උත්තරේ එනවා.

පැටලිලි නම් මේකත් බලන්නකෝ

 අපි හිතමුකෝ  හිතන සංකයාව 8  කියලා..............

පියවර 1
8 * 3  = 24

පියවර 2
( 24  + 2 ) * 3 = 78

පියවර 3
( 8 + 2 ) + 78  = 88

පියවර 4
දැන් 88 තියන දකුණු පැත්තේ ඉලක්කම අයින් කලාම හිතපු උත්තරේ 8 එනවා.

ලිපිය ගැන අදහසක් දාලම යන්න.  ආයෙත් හමුවෙමු......................

No comments:

Post a Comment