Translate

පංචම සමීකරණ

                                                ඉතින් යාලුවනේ , අපි කලින් ලිපි වලින් ඝනජ සමීකරණ, චතුර්ථක
සමීකරණ, ගැන කතා කලානේ . අපි අද හොයන්න යන්නේ පංචම සමීකරණ ගැන.
 16 වන සියවස අවසානයත් සමගම බොහෝ දෙනාගේ අවධානය යොමු වුනේ පංචම සමීකරණයකට විසදුම් හොයන්න සුත්‍රයක් හොයා ගන්න එක.  බොහෝ ගණිතඥයෝ සෑහෙන වෙහෙසක් දරලා තියනවා මේකට

සුත්‍රයක් හොයා ගන්න. ඒ අතරිනුත් ලාග්රාන්ජේ ට විශේෂ තැනක් හිමි වෙනවා. එත් මෙයටත් පංචම සමීකරණ විසදන්න සුත්‍රයක් හොයා ගන්න බැරි වුනා .
  මේ සමගම ගණිතඥයන්ට සැක පහල වුනා පංචම සමීකරණ විසදන්න සුත්‍රයක් නැද්ද කියලා. එත් එහෙම සැක පහල උනාට විධිමත් සාධනයක් ඉදිරිපත් කලේ නැත්තම් ගණිතයේ ගොඩක් දේවල් පිලි ගන්නේ නෑ කියලා අපි දන්නවනේ.
Niels Heinrik Abel
  සාධාරණ පංචම සමීකරණයක් විසදුම් හොයන්න සුත්‍රයක් නෑ කියලා මුලින්ම හොයා ගත්තේ Niels Heinrik Abel කියන ගණිතඥයා. අබෙල් මේක හොයා ගත්තේ 1828 දී. මෙයා ගොඩක් දුප්පත් පව්ලක කෙනෙක්.
   ඒ වගේම තමයි ගොඩක් පෝසත් පව්ලක ගණිතඥයෙක් වන ගැලුවා පංචම සමීකරණයකට සුත්‍රයක් තිබෙන්නට ප්‍රමාණවත් හා අනිවාර්ය අවශ්‍යතාවක් ලොවට හෙළි කළා . ගලුවගේ ජිවිත කතාව ඉතා විශ්මයජනක වගේම ශෝක ජිනක කතාවක්. 
  ගැලුවා විශ්වවිද්‍යාලයේ සිටින කාලයේ සිටම රාජ්‍ය විරෝදී අදහස් දරපු කෙනෙක්.  ගලුවගේ කතාව අපි තවත් ලිපියකින් බලමුකෝ..............

3 comments:

  1. ලාග්‍රන්ගේ නම් මතක් කරන්න එපා........ ඕක හන්ද තමා ABSTRACT ALGEBRA එපා උනේ.........
    abstract ද numerical ද මන්ද..................

    ReplyDelete
  2. ඇබ්ස්ට්‍රැක්, නියුමරිකල්, වෙක්ටර් තව කියක් ජාති තියනවද මුන්ට මේවා හොයා හොයා ඉන්නවට වඩා වෙන වැඩක් තිබ්බේ නැද්ද දන්නේ නෑ අපි එපෑ සේරම ඉගෙන ගන්න

    ReplyDelete