Translate

සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතිය

    අයෙත් සා/පෙළ කරන අයව හම්බ වෙන්න යන්නේ. ගිය ලිපියෙන් වර්ගජ සමීකරණ ගැන අපි කතාකලානේ. මේ සැරේ හැමෝම අමාරුයි කියන ජ්‍යාමිතිය ගැන කතා කරන්නේ.
  දන්නවනේ ජ්‍යාමිතිය ප්‍රශ්න අතාරින්න බැරි බව. ගොඩක් සරලව ලියවුන ජ්‍යාමිතිය පොත් 2ක් අද දෙනවා. මේවා pdf විදිහට තියන්නේ. පොත් දෙකම එකට zip කරලා 4shared එකට දැම්මා. ලෙහලා ගන්න. 
     මේ පොත් ලියලා තියන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන්. සියලුම ප්‍රමේයයන් හා ඒවාට අභ්‍යාස පිළිවෙලට දාලා තියනවා. පොත් සාප්පුවකිනුත් මේ පොත් ගන්න පුළුවන්. එත් එකට ලොකු ගානක් වියදම් කරන්න වෙයි.එච්චර වැඩ විඳින්නේ නැතුව මේක බාගන්න.
    බාගෙනම බලන්නකෝ. 3.2 mb වගේ පොඩි ගානක් තියන්නේ. එහෙනම් ජය වේවා. අව්ලක් උනොත් කියන්න.

4shared  ජ්‍යාමිතිය පොත්  බාගන්න. 

Box   ජ්‍යාමිතිය 1     ජ්‍යාමිතිය 2

   

නිවුන් ප්‍රථමක සංඛ්‍යා

    අද අපි කතා කරන්න යන්නේ තාමත් ලෝකේ සාධනයක් හොයා ගෙන නැති කරුණක් පිළිඹදව . නිවුන් ප්‍රථමක සංඛ්‍යා ගැන කතා කරන්න කලින් බලමුකෝ අපි ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ක්ද කියලා. ප්‍රථමක සංඛ්‍යාවක් කියලා හඳුන්වන්නේ සාධක 2ක් පමණක් ඇති සංඛ්‍යා වලට. 2,3,5,7,11,13,17,19,23,...  වගේ ඒවා.
  නිවුන් ප්‍රථමක සංඛ්‍යා කියන්නේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ප්‍රථමක සංඛ්‍යාවකට 2 ක් එකතු කලාම තවත් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබෙන ඒවාට.

       3  කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියලා අපි දන්නවනේ. 3   ට 2ක්  එකතු කලාම 5යි නේ. 5ත්  ප්‍රථමක සංඛ්‍යාවක් නිසා 3 කියන්නේ නිවුන් ප්‍රථමක සංඛ්‍යාවක්.

සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ

         සා/පෙළ කරන අයටත් තව මාස කිහිපයිනේ ඉතිරි වෙලා තියන්නේ.  ඉතින් සමහර අයට ගණිතය අමාරුයිනේ. හැබැයි මේ ටිකේ පොඩි වැඩ ටිකක් කරලා සා/පෙළ  ගණිතය ගොඩ දාගන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ කියන්න යන්නේ. ලුකුණු ටිකක් වැඩිපුර හම්බෙන පාඩම් ටිකකට සෙට් කරන්නයි මේ යන්නේ.
   පසුගිය සා/පෙළ ලිපි (සා / පෙල ගණිතය ,සා/පෙළ ගණිතය ) කියවල ඉන්නවනම් හොඳයි. අද මම කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන හැටි.

ඉලක්කම් රටා 1

               අද මේ ගේන්නේ අමුතුම දෙයක්. ඉලක්කම් රටා සමුහයක පළමුවැන්න. බලන්නකෝ...................
මම මේ ටික පිළිවෙලකට ගහ ගත්තේ MATHTYPE එක පාවිච්චි කරලා.