Translate

සා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ

         සා/පෙළ කරන අයටත් තව මාස කිහිපයිනේ ඉතිරි වෙලා තියන්නේ.  ඉතින් සමහර අයට ගණිතය අමාරුයිනේ. හැබැයි මේ ටිකේ පොඩි වැඩ ටිකක් කරලා සා/පෙළ  ගණිතය ගොඩ දාගන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ කියන්න යන්නේ. ලුකුණු ටිකක් වැඩිපුර හම්බෙන පාඩම් ටිකකට සෙට් කරන්නයි මේ යන්නේ.
   පසුගිය සා/පෙළ ලිපි (සා / පෙල ගණිතය ,සා/පෙළ ගණිතය ) කියවල ඉන්නවනම් හොඳයි. අද මම කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන හැටි.

ආකාරට තියන වර්ගජ සමීකරණයක් විසඳන්න තියන පහසුම ක්‍රමය තමයි සුත්‍රය භාවිතා කරන එක. අද අපි කතා කරන්නේ සුත්‍රය භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳන හැටි. ඉස්සෙල්ලාම අපිට මේ සුත්‍රය මතක තියා ගන්න වෙනවා.


හැබැයි මතක තියාගෙන විතරක් බෑ................

   පේනවනේ මේකේ තියන්නේ a, b, c විතරයි. අපිට දීලා තියන ගානට අදාලව අපි a, b, c වලට අගයන් සොයා ගන්න ඕන. පාත තියන්නේ ගොඩක්ම සරල උදාහරණයක්. බලන්නකෝ එකේ a,b,c වලට අගයන් ගන්න හැටි. 

මේකේ නම් ,,,,,,,,,,,,,,

a=1
b=5
c=6

මෙහෙම කියද්දීම රටාව අහු වෙන්න ඇති. a,b,c කියන්නේ x පද වල සංගුණක කියලා තේරෙනවා නේද.

a = වර්ග පදයේ සංගුණකය
b = x පදයේ සංගුණකය
c = නියත පදය

හරියට a,b,c හොයා ගත්තාම සුත්‍රයට ආදේශ කරන්න තියන්නේ. උඩ ගානම හදමුකෝ.
ධන සලකා                                                                  රින සලකා 



මේ හදපු ගැන නම් ගොඩක් ලේසියි. තව ලේසි  ගණං ටිකක් දාන්නම්කො. පස්සේ ටිකක් වෙනස් ඒවා හදමු..............


  ජය වේවා ..........

2 comments:

  1. Niyamai me wage digatama liyanna. OL karana ayagen godak comment labei oyata

    ReplyDelete