Translate

නිවුන් ප්‍රථමක සංඛ්‍යා

    අද අපි කතා කරන්න යන්නේ තාමත් ලෝකේ සාධනයක් හොයා ගෙන නැති කරුණක් පිළිඹදව . නිවුන් ප්‍රථමක සංඛ්‍යා ගැන කතා කරන්න කලින් බලමුකෝ අපි ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ක්ද කියලා. ප්‍රථමක සංඛ්‍යාවක් කියලා හඳුන්වන්නේ සාධක 2ක් පමණක් ඇති සංඛ්‍යා වලට. 2,3,5,7,11,13,17,19,23,...  වගේ ඒවා.
  නිවුන් ප්‍රථමක සංඛ්‍යා කියන්නේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ප්‍රථමක සංඛ්‍යාවකට 2 ක් එකතු කලාම තවත් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබෙන ඒවාට.

       3  කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියලා අපි දන්නවනේ. 3   ට 2ක්  එකතු කලාම 5යි නේ. 5ත්  ප්‍රථමක සංඛ්‍යාවක් නිසා 3 කියන්නේ නිවුන් ප්‍රථමක සංඛ්‍යාවක්.



    5 කියන ප්‍රථමක සංඛ්‍යාවට 2 ක් එකතු කලාමත් අපිට 7 කියන ප්‍රථමක සංඛ්‍යාව ලැබෙන නිසා 5  කියන්නෙත් නිවුන් ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන්.

     එත් 7 කියන ප්‍රථමක සංඛ්‍යාවට 2ක් එකතු කලාම අපිට ලැබෙන්නේ 9ය. 9 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයිනේ.  ඒක නිසා 7 නිවුන් ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි.

      දැන් පැහැදිලි ඇතිනේ නිවුන් ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවාද කියලා. නිවුන් ප්‍රථමක සංඛ්‍යා වලට 3,5,11,17,29,41,... කියන ඒවා ගන්න පුළුවන්. තව තියනවා...................

 හැබැයි ආයෙත් ප්‍රශ්නයක්. .....................

තව නිවුන් ප්‍රථමක සංඛ්‍යා කියක් තියනවද??????????????
තියනවනම් ඒවා මොනවාද?????????
නැත්තම් අනන්තයක් තියනවද????????????

  මේ ගැටලුව විසඳන්න එතෙක් මෙතෙක් සිටි කිසිම ගණිත විශාරදයෙකුට හැකි වෙලා නෑ. ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් තියනවා කියලනම් ඔයිලර් සොයාගෙන තියනවා. එත් නිවුන් ප්‍රථමක සංඛයා අනන්තයක් තියනවා කියලා කාටවත් සාධනය කරන්න තාම බැරි වෙලා තියනවා. හැබැයි දැනට ලෝකයේ විශ්වාසයක් තියනවා නිවුන් ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් ඇති කියලා. එත් අපිට හරියටම පිළිගන්න නම් නිවැරදි සාධනයක් ඕන වෙනවනේ.

පුළුවන් නම් ට්‍රය් එකක් දීලා බලන්නකෝ..................
ලෝක ප්‍රසිද්ධ වෙන්න පුළුවන්.

එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා..............

1 comment:

  1. අයියෝ...........මං ඕක පොඩි කලේ සාධනය කළා බං........ දැන් මතක නෑ.........
    මතක්වුන දවසක දාන්නම්කො...... :ඩී

    ReplyDelete