Translate

ෆර්මාගේ අවසාන ප්‍රමේයය



   ඉතින් යාලුවනේ, අද මේ කියන්න යන්නේ ලෝකයම මවිත කල ගණිත ගැටලුවක් ගැන. අපි පොඩ්ඩක් මේ
ගැටලුවේ වටපිටාව බලලා ඉමුකො.
 මතකද අපි පොඩි කාලයේ ඉගෙන ගත්ත පයිතගරස් ත්‍රික.  52 =32 +42 මේ වගේ ඒවා. ඒ කියන්නේ පයිතගරස් ප්‍රමේය තෘප්ත කරන සංඛ්‍යා. 3 ,4 ,5, කියන්නේ පයිතගරස් ත්‍රිකයක්. ඒ වගේම 6,8,10, ත් මේකට හරි යනවා. අපිට තව ගොඩක් මේ වගේ හොයා ගන්න පුළුවන්.
   කොටින්ම කිව්වොත් x2+y2=z2 තෘප්ත වෙන්න x,y,z  වලට අපිට විවිධ අගයන් හොයා ගන්න පුළුවන්. නමුත් x3+y3=z3  සපුරන්න x,y,z වලට පුර්ණ සංඛ්‍යාත්මක අගයන් තියනවද කියලා අපිට හිතෙනවා. අපිට මෙහෙම හිතෙන්න කලින් ලෝකයේ හිටපු
ගණිත විශාරදයන්ට මේක හිතිලා තියනවා. එත් ඒ අයට මේකට අගයන් හොයා ගන්න  බැරි වෙලා තියනවා. ඒ වගේම තමයි ඒ අය x4+y4= z4  සපුරන x,y,z අගයන් හොයන්නත් උත්සහ කරලා තියනවා. එත් එහෙම හොයා ගන්නත් බැරි වෙලා.
   ඒක නිසා ඔවුන් කල්පනා කලා මේකට හරි යන පූර්ණ සංඛ්‍යා නෑ කියලා. එහෙම පූර්ණ සංඛ්‍යා නෑ කියලා සාධනයක් හොයන එක තමා ඊළඟ අභියෝගය වුනේ.
     xn+yn=z(n>2) වන පරිදි x,y,z වලට බින්දුව නොවන අගයන් නොමැති බව සාධනය කරන්න ඔවුන් පටන් ගත්තා. එත් ඒක ලේසි කාරණයක් වුනේ නම් නෑ.
   17 වන සියවසේ ජිවත් වූ පෙරී ඩි ෆර්මා 1665 දී මරණයට පත් වෙලා තිබුනා. එත් ඔහුගේ පුතාට ෆර්මාගේ පරණ පොතක අපූරු සටහනක් හමු වුනා.  xn+yn=zn  (n>2)   වන පරිදි x,y,z වලට බින්දුව නොවන අගයන් නොමැති බවත්, එහි සාදනය මම තීරුවේ ලිවීමට කුඩා වැඩි බවත්ය.
   මෙය දුටු ගණිත විශාරදයින් අහස පොලව ගැට ගසමින් මෙයට සාධන සෙවීමට උත්සහ කළා. මෙම ගැටලුව අවුරුදු 357 ක් පුරා ලෝකයේ රැව් දුන්නා. මෙම සාධනය නිවැරදිව කිරීමට බොහෝ තරඟ පවා සංවිධානය කළා. මෙය නිවැරදිව සාධනය කරන්නෙකුට විශාල තෑගී ලබා දීමටද ඇතැමුන් පොරොන්දු වුනා.
Andrew wills
  1993 දී බ්‍රිතාන්‍ය ජාතිකයකු වන Andrew wills ෆර්මා ගේ ප්‍රමේයය ට සාධනයක් ඉදිරිපත් කලත්, සුළු කාලයක් යන විට Nick Katz එහි වැරදි තැනක් සොයා ගත්තා. නමුත් තම නොපසුබට උත්සාහය නිසා Andrew wills ෆර්මා ගේ ප්‍රමේයය ට නිවැරදි සාධනයක් සොයා ගත්තා. ඒ 1995 වසරේදී. මෙය පිටු 150 ක් පුරා පැතිරුණ එකක්.
   සමහර පුද්ගලයන් මෙම ප්‍රමේය ට සාධන සෙවීමට තම ජිවිතයම කැප කල බවත් සදහන් කරන්න ඕන. හැබැයි ඔවුන්ට නිවැරදි සාධන ඉදිරිපත් කරන්න බැරි වුනත් එමගින් ලෝකයේ ගණිත දියුණුවට අංශික වෙනත් ප්‍රතිපල ලැබුන බවත් කියන්න ඕන.
  මේ ප්‍රමේය සම්බන්ධ කරගෙන ලියවුන බොහොම රසවත් විද්‍යා ප්‍රබන්ධයක් තියනවා. මට ඒක යාළුවෙක්ගේ මාර්ගයෙන් ලැබුනේ. පුළුවන් නම් අරන් කියවන්න. එකේ නම තමා අවසන් සිද්ධාන්තය. ආතර් සි. ක්ලාක් මහතා ලියපු එකක්.
මෙම ප්‍රමේය අලලා සැකසුන මුද්දරයක්
  එහෙනම්  ජය වේවා..................

5 comments:

  1. හොඳ වෙලාවට ඔප්පු කිරීම ෆ්ර්ම ලියල නොතිබ්බේ.... නැත්තන් ඒ විකාර ඔප්පු කිරීමත් ඉගෙන ගන්න වෙනවනේ...

    :ඩී

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. හැබැයි තව ටික කාලෙකින් මේකේ ඔප්පු කිරිම අබ්ස්ට්‍රැක් වලටවත් දැයි. හැබැයි අපි නම් නූලෙන් බේරුනා

      Delete
  2. අයියේ තව ගණිතය පාඩම්, ප්‍රශ්න එහෙම මේකේ සාකච්ඡා කරමුද?

    ReplyDelete
    Replies
    1. කරමු. තව වැඩ ටිකක් එකතු කරනවා ලගදීම.........

      Delete
  3. ලංකාවේ ඩී. අයි. අනු­ර­සිරි මහත්මය විසදුම හොයාගත්ත කියල ගොඩක් කල් ඉදන් කියන කතාවක් නේද එක ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගන්න බෑ කියල ප්‍රසිද්ද කරලා නෑ මේ ගැන ඔබ දන්නවද ?

    ReplyDelete