Translate

6 , 10 විෂය නිර්දේශ වෙනස් වෙයි.

    ඔන්න ඉතින් අලුත් ආරංචියක් අරන් ආවා. 2015 වසරේ ඉඳලා 6 වසර හා 10 වසර විෂය නිර්දේශ වල පොඩි වෙනස්කම් ටිකක් කරලා තියනවා. 6 වසරනම් ටිකක් අඩුවෙන්
වෙනස් කම් කරලා තියන්නේ. පාඩම්
28ක් තිබුන 6 වසර නිර්දේශය පාඩම් 25 කටත්, පාඩම් 35 ක් තිබුන 10 වසර නිර්දේශය පාඩම් 31 කට අඩු කරලා තියනවා. 
     10 වසර තිබුන අනුපාත පාඩම, ත්‍රිකෝණමිතිය පාඩම අයින් කරලා තියනවා. තවත් සිලින්ඩරය පාඩම වෙනස් කරලා ඒකට ප්‍රිස්මයත් එකතු කරලා. තව සමානුපාත පාඩම ප්‍රතිලෝම සමානුපාත වලට සිමා කරලා. වේගය පාඩම සීග්‍රතාවය කියලා වෙනස් කරලා. තව බදු හා රක්ෂණය පාඩම වෙනුවට ප්‍රතිශත පාඩම එකතු කරලා. ඔහොම වෙනස්කම් ගොඩක් 10 වසර ගණිතයේ කරලා තියනවා.
       කොහොම උනත් ගුරු අත් පොත් හා විෂය නිර්දේශ ගොඩක් පිළිවෙලට භාවිතයට පහසු වන පරිදි සකස් කරලා තියනවා. පහතින් දාලා තියන ලිනික් පාවිච්චි කරලා ගුරු අත් පොත් බාගන්න පුළුවන්. මේ ලින්ක් එක ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් සයිට් එකට තියන්නේ. (NIE)

ජාතික අධ්‍යාපන ආයතනයේ සබැදිය - බාගන්න  

ඉහත ලින්ක් එක භාවිතා කරලා බාගන්න අමාරුනම් පහත ලින්ක් පාවිච්චි කරලා බාගන්න. NIE එකේම තියන ඒවා බාලා තමයි පහතින් දාලා තියන්නේ.

6 වසර 

10 වසර 


2 comments: