Translate

ඝනජ සමීකරණ විසදමු


  ගණිතයේ සමීකරණ වල ඉතිහාසය  හාරමුද?


   ඔබට මතක ඇති වර්ගජ සමීකරණයක විසදුම් හොයන සූත්‍රය........








  ඒත් ඔබ හිතුවද ඝනජ සමීකරණයක් පහසුවෙන් විසදන්න සූත්‍රයක් තියනවා කියලා.

  තියනවා.......... ඒත් ලේසි පහසු නෑ......


  මේ සූත්‍රය සම්භන්ධවත් රසවත් කතාවක් තියනවා.




ටාටග්ලියා
පහලොස්වන සියවසේ සිටියා සොහොන් කොත් වල ගණිත කර්ම කරපු ටාටාග්ලියා ( ගොත ගසන්නා ) නම් වූ ඉතලි ජාතිකයෙක්. ඔහු සොහොන් කොත් වල ගණිත කර්ම කලේ කඩදාසියක් වත් ගන්න සල්ලි නැති නිසා. ඔහු ගොත ගසන්නෙකු උනේ කුඩා කාලයේ වැදුනු කඩු පහරක් නිසා. ඇස් ඉදිරිපිටම තමාගේ පවුලේ අය මැරුම් කනවා දකින්න තරම් ඔහු අවාසනාවන්තයෙක්.
    
       කුඩා කල සිට සොහොන් කොත් වල ලිය ලිය ඉගෙන ගත් මොහු ඉස්සෙල්ලාම සාධාරණ ඝනජ සමීකරණය විසදන්න සූත්‍රයක් හොයා ගත්තට ඒක එලියට ආවේ එයාගේ නමින් නෙවේ. ටාටග්ලියාගේ මිතුරෙක් වන කාඩන් ගේ නමින්. සූත්‍රය නම් කෙරුනේ කාඩන්ගේ නමින්.

  රහස ලෝකයට හෙලි උනේ පස්සේ. එතකොට ඉතින් ටිකක් ප්‍රමාදයි. ඊට පස්සේ සූත්‍රයට නම දැම්මා ටාටාග්ලියා කාඩන් සූත්‍රය කියලා.

 මේ සූත්‍රය ටිකක් සන්කීර්ණයි. උසස් පෙලට ගණිතය කරලා තියනවනම් ලේසි වෙයි තේරුම් ගන්න.








 තවත් ප්‍රශ්නයක්........

  හතර වෙනි බලයේ සමීකරණ විසදන්න සූත්‍රයක් තියනවද?

   ලගදිම ආයෙත් හමුවෙමු....



1 comment:

  1. mn maths walata echchara asa na.eth mewa baluwamanan godak asa hithenawa

    ReplyDelete