Translate

සා/පෙළ ගණිතය

                   ආයෙත් අපේ සා/පෙළ අය හම්බෙන්න මේ හදන්නේ. ගණිත
පේපර් එකේ දෙවන කොටස ගැන කියනවා කිව්වනේ. (පෙර ලිපිය) මම හිතන්නේ මේක තමා හොඳම වෙලාව.

    ඉතින් අපේ දෙවන පේපර් එක A, B කියලා කොටස් දෙකකටනේ
එන්නේ. මේකේ නම් පොඩි චාන්ස් එකක් හම්බෙනවා ප්‍රශ්න දෙකක් අතාරින්න. ප්‍රශ්න  හය හය කොටස් දෙකේ ප්‍රශ්න 12 ක් තියනවනේ. A කොටසින් එක ප්‍රශ්නයකුයි, B කොටසින් එක ප්‍රශ්නයකුයි අතාරින්න පුලුවන්
  
අපිට මේකේ ඔක්කොම ප්‍රශ්න 10 ක් පැය දෙක හමාරක් අතුලත ලියන්න වෙනවා.

   ඉස්සෙල්ලාම ඔය ගොල්ලෝ විනාඩි 20ක් විතර අරගෙන මුලු පේපර් එකම කියවලා අතාරින ප්‍රශ්න දෙක අයින් කරලා දාන්න. හොඳට මතක තියගන්න, ප්‍රශ්න දෙක අතාරින්නේ, A කොටසින් එකයි B කොටසින් එකයි ගානේ. එක කොටසකින් ප්‍රශ්න 2 කම අතාරින්න බෑ.

       ඊට පස්සේ ඉතින් , එක ප්‍රශ්නයකට විනාඩි 13 ගානේ අරගෙන ප්‍රශ්න 10 ලියන්න. හොඳට මතක තිය ගන්න, 10කට කොහොම හරි ලියන්න. 10 කට අඩුවෙන් ලිව්වොත් ඒක හෙනම පාඩුවක්. සම්පූර්ණ ප්‍රශ්න 10 ටම ලියන්න බැරි අය ප්‍රශ්න කෑලි හරි 10ක් ලියන්න. ඒක ගොඩක් වදගත්.

  ඉතින් පාස් පේපර් ටිකක් වැඩිපුර ලිව්වොත් ලොකු චාන්ස් එකක් හම්බෙයි. තව විස්තර පස්සේ කියන්නම්කෝ. අලුත් පේපර් ටිකක් ලියන්න ඕන අයට නොමිලේම පේපර් එවන්නත් පුලුවන්.

1 comment: