Translate

චතූර්ථක සමීකරණ

ඉතින් යාලුවනේ, 
 
        අපි පහු ගිය ලිපියකින් කතා කලානේ ඝනජ් සමීකරණ විසඳන හැටි.
(ඝනජ් සමීකරණ ලිපිය) ඉතින් මට හිතුනා, හතර වෙනි බලයේ (චතූර්ථක සමීකරණ) ගැන කතා කරන්න.

    ඒ කියන්නේ මේ වගේ සමීකරණ,




    ඔයාලා දන්නවනේ බැබිලෝනියන් වරු ගැන. ඒ අයගේ කාලයේ ඉඳලා තමයි මේ චතූර්ථක සමීකරණ ගැන වාර්තා වෙන්නේ.

   පුදුමත් හිතෙනවා නේද?

  බැබිලෝනියන් වරු පිළිඹද වැදගත් සාක්ෂි හම්බෙන්නේ ඒ අය ගණන් හදපු මැටි පුවරු වලින්. ඒ අය වසර 4000 කට පෙර මේවත් එක්ක ඔට්ටු වෙලා තියනවා. අපිට නම් හිතන්නත් අමාරුයි නේද? වසර 4000 කට පෙර ඒ අයට මාර වීජ ගණිත දැණුමක් තිබිලා තියනවා.

  තවත් මේ චතූර්ථක සමීකරණ ගැන ක්‍රි.පූ. 400 සහ ක්‍රි.පූ. 200 අතර කාලයේ, ඉන්දියාව පැත්තෙන් වාර්තා වෙනවා. ඔය ගොල්ලන්ට කියන්නත් බැරි උනානේ, ගණිතයේ ඉතිහාසය හාරනකොට අපිට පේනවා හින්දු ජාතිකයෝ ගණිතයට කරපු විශාල මෙහෙවර.

  කොහොම උනත් චතූර්ථක සමීකරණයේ සාධාරණ විසඳුම ලෝකයට ඉස්සෙල්ලාම කිව්වේ, කාඩන්ගේ ගෝලයෙක් වන ලුඩෝවිකෝ ෆෙරාරි. ෆෙරාරිගේ මේ විසඳුම 1539 ආර්ස් මැග්නා පොතේ පලවෙලා තියනවා.

  තරහා වෙන්නනම් එපා. සූත්‍රය සංකීරණ නිසා දාන්නේ නෑ. මෙක කැම්පස් එකේ ගණිත අංශයට උගන්වන සූත්‍රයක්. කමක් නෑ නේද?

 අපි පංචම සමීකරණය ගැනත් ඉස්සරහට කතා කරමුකෝ.... 




 ඔය ගොල්ලන්ට මෙ විස්තර ගේන්න මට ගොඩක් පොත් කියවන්න උනා. අන්තර්ජාලයත් පිහිට වෙනවා. ලිපිය හොඳ නම් comment දාලා යන්නකෝ.

No comments:

Post a Comment