ඉතින් දරුවනේ, සා/පෙළ අත ළඟ. ගණිතය ප්‍රශ්න පත්‍රයට සුදානම්ද? 2016 ඉඳලා අලුත් විෂය නිර්දේශයක් නිසා සමහර අය ප්‍රශ්න පත්‍රය ගැන තාම දැනුවත් නෑ. ඉතින් මේ හදන්නේ ප්‍රශ්න පත්‍රය ගැන දැනගෙන ගොඩ යන්න ක්‍රමයක් කියලා දෙන්න.
එහෙනම් අපි බලමු කොහොමද පලවෙනි කොටස හැදෙන්නේ කියලා.......
පලවෙනි කොටස කලින් වගේම පැය දෙකකින් ලියන්න ඕන. A , B කොටස් දෙකකින් තමා ප්‍රශ්න පත්‍රය සමන්විත වෙන්නේ. පේපර් එකේ තියල තියන ඉඩ කොටස තුලම උත්තර ලියන්න ඕන. A කොටසේ කෙටි ප්‍රශ්න 25 ක් තියනවා. කෙටි ප්‍රශ්න 25 එන්නේ පහත දැක්වෙන තේමා වලින්.
- සංඛ්‍යා 04
- මිනුම් 04
- වීජ ගණිතය 06
- ජ්‍යාමිතිය 08
- කුලක සම්භාවිතාව 02
- සංඛ්‍යානය 01
පලවෙනි කොටසේ B කොටස ව්‍යහගත රචනා ප්‍රශ්න 5 ක් ලැබෙනවා. මේ කොටසට ජ්‍යාමිතිය හා විජ ගණිතය තේමාවෙන් ප්‍රශ්න එන්නේ නෑ. ඒ වගේම ප්‍රශ්නයකට ලකුණු 10 ක් ලැබෙනවා.
එහෙනම් දෙවැනි කොටස ගැනත් පොඩ්ඩක් බලමු......
දෙවෙනි කොටස පැය 3 ක පේපර් එකක්. මේකත් A , B කියලා කොටස් දෙකකින් එන්නේ. ඔක්කොම ප්‍රශ්න 12 ක් තියනවා. A කොටසෙන් ප්‍රශ්න 5 කුත් , B කොටසෙන් ප්‍රශ්න 5 කුත් තෝරගෙන ප්‍රශ්න 10 කට පිළිතුරු සපයන්න ඕන. එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ලැබෙනවා.
A කොටස
ජ්‍යාමිතිය කියන කොටසෙන් ප්‍රශ්න ලැබෙන්නේ නෑ. සංඛ්‍යා , මිනුම් සංඛ්‍යානය, කුලක සම්භාවිතාව කියන කොටස් වලින් තෝරා ගත් කොටස් තුනකින් ප්‍රශ්න තුනකුයි , වීජ ගණිතය කොටසින් ප්‍රශ්න තුනකුයි, මේ කොටසේ ලැබෙනවා.
B කොටස
වීජ ගණිතය කියන කොටසෙන් ප්‍රශ්න ලැබෙන්නේ නෑ. සංඛ්‍යා , මිනුම් සංඛ්‍යානය, කුලක සම්භාවිතාව කියන කොටස් වලින් තෝරා ගත් කොටස් තුනකින් ප්‍රශ්න තුනකුයි , ජ්‍යාමිතිය කොටසින් ප්‍රශ්න තුනකුයි, මේ කොටසේ ලැබෙනවා.
මුළු පේපර් එකේම තේමා අනුව 100 න් ලකුණු බෙදෙන්නේ මෙහෙමයි......
සංඛ්‍යා 23
මිනුම් 15
වීජ ගණිතය 20
ජ්‍යාමිතිය 22
කුලක සම්භාවිතාව 10
සංඛ්‍යානය 10
එහෙනම් , ඔබට විශිෂ්ට ජය ................
මෙය ඉතා ප්‍රයෝජනවත්. ඔබට ස්තුතියි.
ReplyDeleteThis is a very helpful breakdown of the exam format.
ReplyDelete